ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නැංවීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක නව ණය මුදලක් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය.
නවදිල්ලි නුවරදී ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව මෙම ණය මුදල ප්‍රකාශයට පත්කළේය.
මීට අමතරව ත්‍රස්තවාදී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 50ක්ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා දැනට පවතින ඩොලර් මිලියන 100 ක ණය මුදල භාවිත කිරීමටද මෙහිදී දෙරටේ නායකයන් එකඟවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...