නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස පෙරේදා (27 වැනිදා) දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් එම ධුරයන් අත්හැර එදිනම රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇත.
කාංචන විජේසේකර පළමුව දිවුරුම් දුන්නේ ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති ලෙසය. පසුව ඔහු තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දී ඇත.
නිමල් ලන්සා පළමුව දිවුරුම් දුන්නේ ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසිනි. ඔහු යළි ප්‍රජා සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දී ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පළමුව දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ පසුව දිවුරුම් දී ඇත්තේ නිවාස රාජ්‍ය ඇමැතිවරයා ලෙසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...