දේශීය පුවත්

බොරු විදුලි හිඟයක් මවා පා විදුලිබල මණ්ඩලයට රු. බිලියන ගණනක පාඩුවක් සිදුකළ හිටපු විදුලිබල ඇමැති රවි කරුණානායක සහ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ යන දෙදෙනාට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේය.

අනියත බියක් ඇති කරමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස විදුලිබල පනතේ ප‍්‍රතිපාදනවලට ද පටහැනිව හදිසි විදුලිය මිලදී ගැනීම නිසා 2019 වසරේ පමණක් රුපියල් බිලියන 130 ක පාඩුවක් විඳීමට විදුලිබල මණ්ඩලයට සිදු වූ බව ද සඳහන් කළ ඒ මහතා එම නිසා එහි වන්දිය රටේ සමස්ත ජනතාවට ගෙවීමට සිදුවී ඇති බව ද කීවේය.

මෙම පිරිස විසින් මහජන උපයෝගිතා කොමිසමේ ද අනුමැතිය නොමැතිව ටෙන්ඩර් ක‍්‍රමයට ද පිටතින් 2016 වසරේ මෙගා වොට් 100 ක් ද 2017 වසරේ මෙගා වොට් 120 ක් ද 2018 වසරේ මෙගා වොට් 170 ක් ද 2019 වසරේ මෙගා වොට් 370 ක් ද මිලදී ගැනීම නිසා මෙසේ විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්වුණු බව සංජීව ධම්මික මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ කාර්යාලයේ ඊයේ (28 දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

-අරුණ බෝගහවත්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More