දේශීය පුවත්

ඉන්දීය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එරට විදේශ අමාත්‍ය අචාර්ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් සිදුව ඇත.

අද පෙරවරුවේ එම හමුව පැවති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවයක් රාෂ්ඨ්‍රපතිභවන් හිදී සංවිධානය කර ඇත.

එරට වේලාවෙන් අද පෙරවරු 11.00ට පමණ එම උත්සවය පැවැත්වෙයි.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රි ලංකාජනාධිපතිවරයා අතර ද්වීපාර්වීක සාකච්ඡා අදදහවල් පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතරසාකච්ඡාවලින් පසු ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා හෙට දිනයේද වැඩසටහන් කිහිපයකට සහභාගී වී නැවත දිවයිනට පැමිණෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More