ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය අරඹමින් ඊයේ ඉන්දියාවට පැමිණියේය.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා අද ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි.
මෙම සංචාරයේ තවත් විශේෂත්වයක් වන්නේ ජනාධිපතිවරයා සමග ගිය නියෝජිත කණ්ඩායමට අඩුම පිරිසක් සහභාගි වීමයි.
ඒ අනුව, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් මෙම සංචාරයට එක්ව සිටියි.
නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් ඉන්දියාවට ළඟා වූ ජනාධිපතිවරයාව එරට රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ.සිංග මහතා විසින් පිළිගනු ලැබුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...