ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා (28)කොළඹ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා,
ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය මාහට ලබා දීම පිළිබඳව මම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මතිතුමන්ටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ටත් ස්තුතිවන්ත වෙනවා. පසු ගිය කාලය තුල අපේ රටේ ආර්ථිකය විශාල ලෙස අද වැටුණා. සංවර්ධන මට්ටම පහල වැටුණා. ආර්ථික සංවර්ධන වේගය ශක්තිමත් කිරීමට මුලිකව කටයුතු කළ යුතුයි. අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා වන සුවිශාල කාර්යභාරයක් මේ අමාත්‍යාංශය වෙත පැවරී තිබෙනවා. විශේෂයෙන් මේරටේ ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටු වන්නට ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්නට කටයුතු කල යුතුව තිබෙනවා.
අපි දන්නවා , ගමේ ආර්ථිකය කඩා වැටිලා, ග්‍රාමීය නිෂ්පාදකයින්ට වෙළඳපොළක් නැතිවෙලා, ගොවියන් ගොවිතැනින් ඈත් වෙලා, ගොවියන් අද අදායම් නොලබන තත්වයකට පත්වෙලා තිබෙන්නේ. විදේශීය නිෂ්පාදන ලංකාවට ගෙනල්ලා ලංකාවේ නිෂ්පාදන ලෙස විකිනීමට කටයුතු කිරීමේ පාප කර්මයේ ප්‍රතිපලයක් වශයෙන් අද රටේ ජනතාව ආර්ථික වශයෙන් අසහනයකට පත්ව තිබෙනවා. ඒ නිසා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්නට මුලික පියවර ගත යුතුව තිබෙනවා. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, ගොවින් සඳහා අවශ්‍ය උපකරණ, පහසුකම් මෙන්ම තාක්ෂණික දැනුම ලබාදීම මගින් ගොවිතැන දියුණු කරන්න, ග්‍රාමීය නිෂ්පාදන දියුණු කරන්න, ග්‍රාමීය කර්මාන්ත දියුණු කරන්න අපි කටයුතු කල යුතුයි.
ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කරන්න මෙම අමාත්‍යංශය හරහා හැකියාව තිබෙනවා, මම බලාපොරොත්තු වෙනවා ඉතා ඉහල මට්ටමකින් ජනතාවගේ සේවාවන් ඉටු කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විශිෂ්ඨ ප්‍රතිපත්තිය මේ රටේ ගැමි ජනතාව දියුණු කරන්න. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඒ සඳහා අරගෙන ඇති ඒ වැඩපිළිවෙල සඳහා උපරිම මට්ටමකින් දායක වීමට තමන් බලාපොරොත්තු වන බවද ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න පැවසිය.
බැදුම්කර වංචාවේ පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මැතිතුමා,
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටියක් අපි යෙදුවා නමුත් ඒ ප්‍රමාණවත් නැහැ. බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන අය තාමත් නිදැල්ලේ සිටින්නේ, ඒ නිසා ඒ අය සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
නවක රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ කඩිනම් වැඩපිළිවෙලකට යාම පිලිබඳ නැගු ප්‍රශනයකට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ නවක රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පත් කලද අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පරිණත ඇමතිවරු පිරිසක් බවත්, ඔවුන්ගේ මග පෙන්වීම ඒ අයට ලැබෙන බවයි.
මාධ්‍ය ලේකම්,
මාධ්‍ය අංශය,
ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...