ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සිටිය දී සුදු වෑන් යොදවා ජනතාව පැහැරගෙන ගොස් මරා කිඹුලන්ට කන්න දැමුවේ යයි හෙළිකරන ලද සුදුවෑන් රියදුරු සොයා පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවකදී අදාල කිඹුලා ඩ‍්‍රයිවරු විසින් මේ බව හෙළි කරන ලද්දේ දැනට සති තුනකට පමණ පෙර ය.
රාජිත සේනාරත්න මහතා විසින් කැඳවාගෙන එනු ලැබූ තවත් පුද්ගලයෙක් විසින් හෙළි කරන ලද්දේ උතුරෙන් ප්‍රභාකරන්ගෙන් සොරා ගන්නා ලද රත්තරන් ටොන් හත්දාහක් ප්‍රමාණයක් කොළඹට ගෙන ආ බවත් ඒවාද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සොරකම් කරණ ලද ඒවා බවත්ය.
යම් හෙයකින් මෙම පුද්ගලයින් දෙදෙනා සොයා ගත නොහැකි වුවහොත් අදාළ වගකීම් සහ ඒ සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයා වන හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා වහා කැඳවා ප්‍රශ්න කිරීමට ද නියමිතය.
එම මාධ්‍ය හමුව සම්බන්දයෙන් සංවිධාන කිහිපයක් විසින් ගොනු කරන ලද පැමිණිලි අනුව පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...