බැංකු වලින් ණය ලබාගෙන ගෙවා ගත නොහැකිව සිටින ජනතාවට ලබාදිය හැකි උපරිම සහනය සතියකින් පසු ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඊට අදාළ යෝජනා ලැබීමෙන් පසු සුදුසුම පියවර අනුගමනය කරන බවයි.
මහබැංකු අධිපතිතුමා ඇතුළු බැංකු නිලධාරීන් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කර ඇති බවත් ඔවුන් සතියක් ඇතුලත ඊට අදාළ තීරණය ලබාදීමට එකඟ වී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
ආණ්ඩුව විසින් ප‍්‍රකාශයට පත් කළ නව බදු සහන දෙසැම්බර් පළමුවනදා සිට කි‍්‍රයාත්මක වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...