දේශීය පුවත්

ආණ්ඩුවේ දවසේ ආස්වාදයන්ට නොරැවටි යථාර්ථය තේරුම් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් ප‍්‍රශ්න කර සිටියේ, හමුදාවට පොලිස් බලතල දීමට තරම් මේ දින කිහිපයේදී රටේ ඇති වූ හදිසි තත්ත්වය කුමක්ද යන්නයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නාගමුව මහතා,

‘‘ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණ මැතිවරණයේදී කිව්වේ රටේ බරපතළ ආරක්ෂක තර්ජනයක් තිබෙනවා, ඒ නිසා සිංහල ඡන්ද තමන්ට දෙන්න කියලා. අපි මේ තත්ත්වය පැහැදිලි කළේ, ගෝඨාභය පෙන්නලා බය කරලා එක්සත් ජාතික පක්ෂය ඡන්දය ඉල්ලනවා, සහරාන් පෙන්නලා බය කරලා පොදුජන පෙරමුණ ඡන්දය ඉල්ලනවා කියලා. බලයට ආවාට පසුව මට ආශිර්වාද කළේ භික්ෂුන් වහන්සේලා, මට ඡන්දය දුන්නේ සිංහල ජනතාව, දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් බලාපොරොත්තු වුණු සහයෝගය ලැබුණේ නැහැ කියලා ගෝඨාභය කිව්වා.

ඔහු පෙන්නුම් කළේ ඊළඟ මහ මැතිවරණය දක්වා යන්න බලාපොරොත්තු වන ගමන. ඒ වගේම දෙමළ සහ මුස්ලිම් ජනතාවට තර්ජනාත්මක බවකුත් ඔහුගේ ප‍්‍රකාශය තුළ තිබෙනවා. පසුගිය සිකුරාදා ආණ්ඩුව පළමු ගැසට් නිවේදනය නිකුත් කරමින් හමුදාවට පොලිස් බලතල ලබාදීමට මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය ක‍්‍රියාත්මක කළා. මහජන ආරක්ෂක පනතට අනුව හමුදාවට පොලිස් බලතල දෙන්න පුළුවන් කිසියම් නිශ්චිත කාලයකට. කිසියම් නිශ්චිත ප‍්‍රදේශයකට පමණයි. ඒ සඳහා එම ප‍්‍රදේශයේ සුවිශේෂී තත්ත්වයක් තිබිය යුතුයි? අපි අහනවා මේ දවස් කීපයට මොකක්ද ඇති වෙච්ච හදිසි තත්ත්වය?

සමහරු අහනවා, හමුදාවට පොලිස් බලතල දුන්නාම මොකක්ද ප‍්‍රශ්නය කියලා. ඔබට මතක ඇති පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ හමුදාවට පොලිස් බලතල දුන්නා. ගාල්ල ප‍්‍රදේශයේ පාසලක පියෙක් ඔහු කලින් හමුදාවේ සේවය කළ අයෙක් තමන්ගේ දරුවා රැගෙන යන්න ආපු වෙලාවේ එහි හිටි හමුදා නිලධාරියා එක්ක බහින්බස්වීමක් සිද්ධ වුණා. ඒ වෙලාවේ හමුදා නිලධාරියා අර දරුවාගේ පියාට වෙඩි තියලා ඝාතනය කළා.

මේ සිද්ධියෙන් පස්සේ ඇතැමුන් ප‍්‍රකාශ කළා වෙඩි තියනවා නම් දණ හිසෙන් පහළට වෙඩි තියන්න තිබුණේ කියලා. ඒ වෙලාවේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කිව්වා පොලීසියට තමයි දණහිසෙන් පහළට වෙඩි තියන්න කියලා නීතියක් තියෙන්නේ, හමුදාවට එහෙම එකක් නෑ කියලා.

පොලීසිය තිබෙන්නේ රජය සහ ජනතාව අතර ඇති වන ගැටුම්වලට මැදිහත් වෙන්න. හමුදාව තිබෙන්නේ රාජ්‍යයන් දෙකක් අතර ඇති වන ගැටුම්වලට මැදිහත් වෙන්න. හමුදාවට පොලිස් බලතල දීම නිසා සිදු වුණු සිදුවීම්වල අත්දැකීම් උතුරේ ජනතාවට නොවෙයි, දකුණේ ජනතාවටත් හොඳට තිබෙනවා. රතුපස්වලදී හමුදාව වෙඩි තැබුවේ ඔය නීතිය යටතේ. කටුනායකදී රොෂේන් චානක ඝාතනය කළා.

ඇයි හමුදාවට පොලිස් බලතල දෙන්නේ? මහින්ද අමරවීර ඇමැතිවරයා ප‍්‍රකාශ කළා. ලබන මාර්තු මාසේ ගෙවන්න තියෙන ණය වාරිකය ගෙවා ගන්න බෑ. ඒ නිසා පටි තද කර ගන්න කියලා. ඒ ප‍්‍රශ්නයට උත්තරය තිබෙන්නේ දැන් ආණ්ඩුව පෙන්වන මැජික්වල නොවෙයි. ඒ මැජික් ලබන මහ මැතිවරණය වෙනකං පෙන්නයි. ඔය වගේ මැජික් අපි රනිල්, මෛත‍්‍රී ආණ්ඩුවේ දින සියය තුළත් දැක්කා” යනුවෙන් ඔහු වැඩිදුරටත් මෙහිදි සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More