විපක්ෂ නායකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද නැත්නම් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස දැයි පක්ෂය විසින් තීරණය කර ලබන 03 වැනිදාට පෙර (අඟහරුවාදා) තමන්ට දැනුම් දෙන ලෙස කතානායක කරු ජයසූරිය පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට ඊයේ (28 වැනිදා) ලිඛිතව දැනුම් දුන්නේය.
විපක්ෂ නායකවරයා නිල වශයෙන් බලාත්මක වන්නේ ඒ බව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී තමන් විසින් ප්‍රකාශයට පත්කළ පසුව බව කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට දැනුම් දී ඇත.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කරන ලෙසට මන්ත්‍රීවරුන් 57 කගේ අත්සන් සහිතව තමන් වෙත භාරදුන් ලිපිය මහ ලේකම් අකිල විරාජ්ගේ අවධානයට යොමුකරමින් කතානායකවරයා මේ බව දන්වා යවා ඇත.
විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලබා දෙන ලෙස එජාප මන්ත්‍රීවරුන් පනස් හත් දෙනකු විසින් පෙරේදා (27 වැනිදා) තමන් වෙත ලිපියක් භාර දුන් බව පවසන කතානායකවරයා මේ වන විට විපක්ෂ නායක ධුරය පිළිබඳ එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇතැයිද ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් සාකච්ඡා කර තීරණය තමන්ට දැනුම් දෙන ලෙසට කථානායකවරයා පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් දුන් බව කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...