එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරයට පත් කරන ලෙසට ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කරමින් කථානායක කරු ජයසූරිය මහතාට යවන ලද ලිපිය ව්‍යාජ එකක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී හෙළිදරව්වක් කොට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම ලේඛනයට අත්සන් කළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමාට කතා කළ බවත් ඔවුන් විපක්ෂ නායක ධුරයක් සම්බන්ධයෙන් කිසිදු දෙයකට අත්සන් නොකළ බවට තමාට ප්‍රකාශ කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහි දී පෙන්වා දී ඇති බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරාධනා කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට ගිය අවස්ථාවේදී ඊට සහභාගි වූ බවට ලබාගත් අත්සන් ලේඛනයකට ඔවුන් අත්සන් කර ඇති බවත් එම අත්සන් ලේඛනය සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායක ලෙස පත්කරන ලෙසට සකස් කරමින් කතානායකතුමාට ඉදිරිපත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධය ප්‍රකාශ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ජේෂ්ඨයන් පිරිසක් මෙහිදී ප්‍රකාශ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...