දේශීය පුවත්

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ යටපත් කිරීම සඳහා රාජපක්ෂවරුන් බලපෑම් කළ බවට අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට බලපෑම් කළ බව නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති හිටපු පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මහතා පවසයි.

සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේ ද කීවේය. ‘‘ අදාළ සිද්ධිය වෙන මොහොතේ මම පොලිසියේ නෙමෙයි හිටියේ. මම හිටියේ ගෙදර. සිද්ධිය ආරංචි වුණ වහාම මම සිද්ධිය වුණ තැනට ආවා. එම පරීක්ෂණයේදී මම සෙව්වා මියගිය පුද්ගලයා සිටියේ කොහේද, මොනවද කළේ කියලා. එහිදී අනාවරණය වුණා වසීම් තාජුඩීන් අවසන් වරට සිටියේ ඇන්ඩර්සන් තට්ටු නිවාස සංකීර්ණයේ F5 කියන නිවසේ කියලා. ඒ නිවසේ ඔහු ඔහුගේ මිතුරන් දෙදෙනකු සමග මත්පැන් පානය කොට තිබුණා. එදින රාත්‍රී 11.45 වෙනකල් ඔහු එතැන ඉඳලා තියෙනවා. ඔවුන් පානය කළ මත්පැන් වර්ගය, බයිට් එකට ගත් දේ පවා මම නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළා. මම 2015 හිටියේ යාපනය ප්‍රදේශයේ නෙල්ලිඅඩි පොලිස් ස්ථානාධිපති ලෙස. එහෙම ඉද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙක් මගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බව කිව්වා. පහළොස් වතාවක් පමණ මේ සිද්ධිය ගැන මගෙන් කට උත්තර ගත්තා. දින කිහිපයකින් ඔවුන් කිව්වා කට උත්තරේ නාමල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ නම් කියන්න කියලා. මම පරීක්ෂණ කරගෙන යද්දී ඒවා යටපත් කරන්න රාජපක්ෂවරු බලපෑම් කළ බව කියන්න කියලත් කිව්වා.

එක දවසකදී ශානි අබේසේකර මා අරන් ගියා පදනම් ආයතනය ළඟට. එතැනදී කිව්වා යකෝ උඹ මෝඩයෙක් වෙන්න එපා කියලා. මා සහකාර පොලිස් අධිකාරී කෙනෙක් කරන්නම් කිව්වා. ඕන රටකට යවන්නම් කිව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී තිසේරා කියන නිලධාරියා නාගහමුල්ල කියන නිලධාරියා ළඟට මා එක්ක ගියා. ඔහු පුටු පොළේ ගහන්න වගේ හැසිරිලා කිව්වා මේක කියන්නම කියලා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More