එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පෙරමුණේ විශේෂ පක්ෂ නායක හමුවක් පැවැත්විණි.
මෙම හමුව සඳහා හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ද ආරාධනා කර තිබුණ ද ඔහු එම අවස්ථාවට සහභාගී නොවීය. ඔහු නියෝජනය කරමින් පැමිණ ඇත්තේ රංජිත් මද්දුම බණ්ඩාර සහ තලතා අතුකෝරාල යන හිටපු අමාත්‍යවරුන් ය.
සජිත් ප්‍රේමදාස මහතාට දෙවරක්ම සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසට පණිවිඩ කෙතරම් යැව්වත් ඔහු නොපැමිණීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනෙකුම සිය අප්‍රසාදය මෙහිදී පළ කොට ඇති බවද වාර්තා වේ.
පණිවිඩකරුවන් එවීමෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකි බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා පැමිණිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කිහිප දෙනෙකුම ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ. මෙහිදී රංජිත් මද්දුම බණ්ඩාර සහ තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීන් යම් අපහසුතාවයකට පත්ව තිබේ.
මෙම ප්‍රශ්නය විසදීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ම පැමිණිය යුතු බවත් ඒ සඳහා ඔහු දිනයක් සහ වේලාවක් ලබාදී එම දිනයට අනිවාර්යෙන්ම පැමිණිය යුතු බවත් මෙම පක්ෂ නායක හමුවේදී තීරණය වී ඇති අතර එම තීරණය සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන ලෙසටද තලතා අතුකෝරාල සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත් මහත්මින් ගෙන්ඉල්ලීමක් කොට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...