වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ අද(28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් පරිසර කමිටුවේදී අදහස් දක්වමිනි.
කටුපොල් වගාව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බැවින් මින් ඉදිරියට දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධාවක් නොමැති බව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට දන්වා සිටින ලදී.
එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සම්බන්දව ක්‍රියාත්මක වීම සඳහා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාල නිලධාරීන් වෙත මෙම තීරණය දැනුම් දෙන බවයි.
කටුපොල් වගාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්දව මහජනතාවගෙන් සහ විවිධ පාරිසරික සංවිධාන මගින් දැඩි විරෝධයක් එල්ලවුණු අතර නිශ්චිත තීරණයක් නොලැබීම හේතුවෙන් පසුගිය කාළයේ දිස්ත්‍රික්කය පුරා බොහෝ ගැටලු ඇති විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...