ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
අද පස්වරු 2.05ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට යූ.එල්.195දරණ යානයෙන් ජනාධිපතිවරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපල ආරංචිමාර්ග පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංචාරය සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල, ජනාධිපති උපදේශ ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් සහභාගී වී සිටියි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වන අතර ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...