ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් පක්ෂ නායකයන්ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසට මන්ත්‍රීවරයා හමුවීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වෙයි.
කථානායකවරයා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර පෙරේදා (26 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමද අවලංගු වූයේ සජිත් ප්‍රේමදාසගේ නොපැමිණීම නිසාය. මෙම රැස්වීමට නොපැමිණීම පිළිබඳව කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සිය අසතුට පළ කළ බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අවසානයේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගැනීමට තමන් තීරණය කළ බව කථානායක කරු ජයසූරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කළේය. තමන් එම තීරණයට එළැඹුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව බව කථානායකවරයා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීවරු 40ක් කථානායකවරයාට ලිපියක් යොමු කර තිබිණි. එම ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (26 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාව වර්ජනය කිරීම නිසා කථානායකවරයා දැඩි තීන්දුවක් ගැනීමටද නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...