රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිමට සය පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් මෙලෙස නම් කර ඇත.
හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සහ රාජ්‍ය අංශය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන්ගෙන් සමන් විතය.
සුදුසු කම්ලත් වෘත්තිකයන් පිළිබඳ නිර්දේශ 2019 දෙසැම්බර් 18 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කාර්යාලය කමිටුව වෙත දැනුම් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...