දේශීය පුවත්

නව රජයේ සම්පූර්ණ ඇමති මණ්ඩලය මේ වන 53 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මහතා සමග කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර ඊයේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ලැබීය.

කැබිනට් ඇමතිවරුන් 16 දෙනෙකු , රාජ්‍ය ඇමතිවරුන් 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපතිවරයා මේ වන විට පත්කර ඇති අතර එහි එකතුව 54 කි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව සම්පූර්ණ ඇමති මණ්ඩලය 70 කට සිමා කර ඇති අතර පත් කළ හැකි කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 30 කි. මීට අමතරව කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 පත් කල හැකි බව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වේ.

ඒ අනුව අවශ්‍ය නම් ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් 14 දෙනෙකු සහ රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකියාව පවතින බව නීති විශාරදයෝ පවසති.

මේ අතර එක් කාන්තාවක් පමණක් මෙම අමාත්‍ය මණ්ඩලය නියෝජනය කිරීමද විශේෂත්වයකි.එම කැබිනට් අමාත්‍යධුරය පවිත්‍රා වන්නිඅරාච්චිය මහත්මිය විසින් දරන අතර වත්මන් ආණ්ඩුව නියෝජනය කරන සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ශ්‍රියානි විජේවික්‍රම යන මහත්මීන්ට මෙවර කිසිදු අමාත්‍ය තනතුරක් හිමි වී නොමැත.

මීට අමතරව වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන උදය ගම්මන්පිල, සරත් අමුණුගම, රන්ජිත් සොයිසා, ටී බි ඒකනායක, චන්දිම වීරක්කොඩි, ෆයිසර් මුස්තාෆා සහ ඩිලාන් පෙරේරා වැනි මන්ත්‍රීවරුන්ට කිසිදු ඇමැතිධුරයක් හිමි නොවීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් තමන්ට අමාත්‍යධුරයක් අවශ්‍ය නොමැති බව ජනාධිපතිවරයාට දැන්වූ බව උදය ගම්මන්පිල මහතා මීට පෙර සඳහන් කර තිබුණි.
ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට එක්වූ විජේදාස රාජපක්ෂ සහ වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන්ට මෙන්ම දෙමළ ජාතික සන්ධානයෙන් ආණ්ඩුවට එක් වූ එස් වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාටද අමාත්‍ය ධුරයක් හිමිව නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More