දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව ආණ්ඩුව සම්බන්ධයෙන් මෙරට දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත පළ කරමින් සිටී.

එහිදී බොහෝදෙනා පෙන්වා දෙන්නේ පවතින පාර්ලිමේන්තුව තුළින් අමාත්‍යවරුන් තොරාගැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවුවද ඔහු එය ඉතාමත් ප්‍රශංසනීය ආකාරයෙන් සිදුකර ඇති බවයි.

පසුගිය ආණ්ඩු සමයන්හිදී ඇමැතිවරුන් ලෙස ක්‍රියා කළ පුද්ගලයින් යළි අමාත්‍ය ධුරයන් සඳහා තෝරා පත්කළ ද මෙවර ඔවුන් තනතුරුවලට එහා යමින් ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වගකීමක් ද පවරා ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
ඊටත් අමතරව ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ නිදහසින් පසු ඉතිහාසයේ අන්තවාදීන් නියෝජනය නොකරන එකම ආණ්ඩුව මෙය වන බවයි.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සිය පක්ෂ හා කණ්ඩායම්වල අන්තවාදී අදහස් මුදුන් පමුණුවා ගැනීම සඳහා කටයුතු කළ හකීම්, බදියුදීන් සහ සුමන්දිරන් වැනි නියෝජිතයන් නොමැති ආණ්ඩුවක් සකස් කරමින් ජනාධිපතිවරයා මෙරට සාම්ප්‍රදායික දේශපාලනයේ දුර්මත ඉවත් කළ බවයි.

එමගින් එකම රටක්, එකම දේශයක් ලෙස ඉදිරියට යමින් ජාති භේදයෙන් හා ආගම් භේදයෙන් ඉවත්ව එකම ශ්‍රී ලාංකික ජාතියක් පෙනී සිටීමට අවශ්‍ය විශ්වාසය ජනාධිපතිවරයා සකස්කර අවසන් බව ද පෙන්වා දෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More