රණවිරුවන් සිරගත කරමින් බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීමට ගෙනගිය වැඩපිළිවෙළට අධිකරණ විනිසුරුවරුන් පස් දෙනකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හවුල් බවත් ඒ බව සාක්ෂි සහිතව ඉදිරියේ දී ජනාධිපති විමර්ශන කොමිසමක දී හෙළි කිරීමට තමා සූදානම් බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.
මෙම රණවිරුවන් දඩයමට හිටපු කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු රහස් පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ කොටි ඩයස්පෝරාව හවුල් බවත් ඔවුන් සමග සබඳතා පවත්වමින් ඇතැම් අධිකරණ විනිසුරුවරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ද මෙම ක්‍රියාවලියට හවුල් වූ බවට සාක්ෂි තමන් සතු බව ද අජිත් ප්‍රසන්න මහතා පෙන්වා දෙයි.
රහස් පොලිසියේ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ හොත් මෙම තොරතුරු සියල්ල තවත් හොඳින් තහවුරු කරගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
ඇතැම් අධිකරණ විනිසුරුවරුන් ගැන සඳහන් කරමින් තමන් කරන ප්‍රකාශ අධිකරණයට අපහාස කිරීමක් ලෙස යමෙකු කර්ක කරනවා නම් තමන්ට විරුද්ධව ඕනෑම කෙනෙකුට අධිකරණය හමුවේ නඩු පැවරීමට හැකි බවද මේජර් අජිත් ප්‍රසන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...