දේශීය පුවත්

උතුරේ ස්ථාන 70කට ආසන්න ප්‍රමාණයක ඊයේ 27 මහවිරු උත්සව සංවිධානය කර සමරා ඇති  අතර ඒ සඳහා කතෝලික සහ හින්දු පූජකවරුන් ද පළාත්වල දේශපාලනඥයින් ද සහභාගී වී ඇති බව වාර්තාවේ.

මන්නාරම, මුලතිව්, කිළිනොච්චි, යාපනය හා වවුනියාව යන සෑම ප්‍රදේශයකම ඊයේ රාත්‍රීයේ විශේෂයෙන් සූදානම් කරණ ලද ස්ථානවල මෙම මහවිරු සැමරුම් උළෙලවල් පවත්වා තිබේ.

කිළිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල මහවිරු උළෙලවල් පැවැත්වීම සඳහා අළුතෙන්ම  මෙවර සොහොන් කොත් ද සාදා තිබූ බවද වාර්තාවේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ එම්.කේ.ශිවාජිලිංගම් යාපනයේදී මහවිරු උළෙල සමරන ලද බවද වාර්තා විය.

මහවිරු උළෙලවල්වලට සහභාගී වූ සෑම අයෙකුටම මියගිය පුද්ගලයා සිහිවීම සඳහා නිවසේ සිටුවීමට පොල් පැල හා වෙනත් පැල වර්ග බෙදා දීමක්ද සිදුව තිබේ.



One thought on “උතුරේ ස්ථාන රැසකදී ‘මහවිරු’ සැමරේ”

  1. “…..නිවසේ සිටුවීමට පොල් පැල හා වෙනත් පැල වර්ග බෙදා දීමක්ද සිදුව තිබේ.”

    අඩු ගනනේ එක හොද දෙයක්වත් වෙලා තියනවා!

    LTTE එකෙන් මරාපු PLOT, EPRLF වගේ සංවිධාන වල සාමාජිකයින්වත් සමරලාද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More