අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මෙරටට පිටුවහල් කිරීම ස්විස් රජය ප‍්‍රතික්ෂේප කර ඇත.
ස්විස් නඩු අධ්‍යක්ෂ කාර්යාලයේ ආරංචි මාර්ග පැවසුවේ ස්විස් නීති රීති අනුව ඔහු සහ පවුලේ් අය ආපසු ශී‍්‍ර ලංකාවට එවීම තහනම් බවයි.
නිශාන්ත සිල්වාට එරෙහිව ඉන්ටර්පෝල් වරෙන්තුවක් නැති නිසා ඔහු ගැන කි‍්‍රයා කිරීමට ස්විස් පොලිසියට නීතිමය බලයක් ද නැතැයි එම ආරංචි මාර්ග ඊයේ (27 දා) පැවසීය.
මේ අතර ජිනීවා ආරංචි මාර්ග සඳහන් කළේ මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශන නිලධාරීන් පිරිසක් ඊයේ නිශාන්ත සිල්වා හමුවී ලසන්ත වික‍්‍රමතුංග, රගර් කී‍්‍රඩක තාජුඞීන්, කීත් නොයාර්, එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන් යන අයට අදාළ සිදුවීම් ගැන පැය 3 ක් තිස්සේ තොරතුරු ලබාගත් බවයි.
ස්විස් බලධාරීන් නිශාන්ත සිල්වා ඉදිරිපත් කළ කරුණු අනුව ඔහුට සහ පවුලේ අයට එරට දේශපාලන රැකවරණ ලබා දීමට ද තීරණය කර ඇත.
ඔහුගේ දේශපාලන රැකවරණ අයැදුම්පත සුරිච් නුවර සංක‍්‍රමණික මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මීට මාස කීපයකට ඉහත ලංකාවේ (ස්විස් තානාපති කාර්යාලයේ?) ආරක්ෂක සේවයේ යෙදී සිටි හමුදා සෙබළෙකුට සියදිවි හානි කර ගැනීමට හේතු වුයේ කුමක්ද? ඔහුට එවැනි මානසික තත්වයක් තිබු බවට ඔහුගේ පවුලේ අයගෙන් හෙළිදරව්වක් වීද? එම සියදිවි හානි කර ගැනීම සිදුවුයේ කොතනකදීද?