දේශීය පුවත්

පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සහල් තොග අලුත් සහල්වලට මිශ්‍ර කර රට පුරා විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් සිදු කළ බව කියන පොළොන්නරුව සිංහපුර නව රත්න සහල් නිෂ්පාදනාගාරයට මුද්‍රා තබා ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ ​පොලිසිය ඊයේ (27 වැනිදා) දහවල් මෙම පියවර ගෙන ඇත.

කල් ඉකුත් වූ සහල් තොග අලුත් සහල්වලට මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් රත්න සහල් නිෂ්පාදනාගාරයේ සිදුකෙරෙන බවට දෙරණ රූපවාහිනි නාළිකාවේ උකුස්සා වැඩසටහන මගින් පෙරේදා (26 වැනිදා) අනාවරණය කිරීමෙන් අනතුරුව එදිනම රාත්‍රී එම ස්ථානය වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළේය.

ගුල්ලන්, පණුවන් සහිත කල් ඉකුත් වූ සහල් තොග සහල් නිෂ්පාදනාගාරයට ගෙනැවිත් යළි ඒවා යන්ත්‍රානුසාරයෙන් පිරිසිදු කර අලුත් සහල්වලට මිශ්‍ර කර වෙළෙඳපොළට යවා ඇත්තේ කල් ඉකුත් වන දින ආදියද වෙනස් කරමිනි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ සහල් නිෂ්පාදනාගාරය ඊයේ (27 වැනිදා) පරීක්ෂාවට ලක්කරන ලදී.

ශ්‍රිලනිපයෙන් පොළොන්නරුවට ඡන්දය ඉල්ලූ ලංකේෂ්වර මිත්‍රපාලට අයත් එම නිෂ්පාදනාගාරයේ තිබූ සහල් කිලෝග්‍රෑම් දෙලක්ෂ හතළිස් දහකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කටයුතු කර ඇත.

මෙම සහල් මලුවල සඳහන් දිනය අනුව ඒවා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ඒවා බවත්, එමෙන්ම ඒවායෙහි මිල ගණන්ද වෙනස් කර සඳහන් කර තිබූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි​යේ අධ්‍යක්ෂ (පාරි​භෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර පවසයි.

කල් ඉකුත් සහ අලුත් සහල් තොග නිෂ්පාදනාගාරය තුළම ගබඩා කර තිබූ බවද සඳහන් වේ. පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම සහල් ව්‍යාපාරයට විරුද්ධව අධිකරණයේ නඩු පැවැරීමට නියමිතව ති​බේ.

ඇමැති චමල් රාජපක්ෂ, පාරි​භෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් යන අයගේ උපදෙස් මත අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ තාරක විදානගමආරච්චි යන අයගේ අධීක්ෂණය යටතේ ​පොළොන්නරුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී එච්.ජී.සී. චන්ද්‍රකුමාර ඇතුළු නිලධාරීන් මෙම වැටලීම කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More