දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ලැබ ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති පළමු කැබිනට් හමුවේදී අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම තනතුරට පත් කිරීමට අනුමැතිය හිමි ව තිබේ.

අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා වන අතර 2006 වසරේ සිට 2015 වසර දක්වා එම ධුරය හෙබවූවේය.

වරලත් ගණකාධිකාරීවරයකු වන හෙතෙම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමට පෙර කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර  සමාගම් ගණනාවක සභාපති සහ අධ්‍යක්ෂ යන තනතුරු හොබවා ඇත.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හා මොරටුව විශ්ව විද්‍යාලය යනාදියේ අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු- කර ඇති කබ්රාල් මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ අයිසන්හවර් පදනමේ ‘2000 මල්ටි-නේෂන්’ වැඩසටහනේ අධි ශිෂ්‍යත්වලාභියෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More