දේශීය පුවත්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පලා යෑමේදී, ඔහු සන්තකයේ තිබූ ජිනීවා චෝදනා එල්ල වූ ඉහළම දේශපාලනඥයකුගේ සහ මෙරට යුද සහ නාවික හමුදා බුද්ධි අංශවල රාජකාරි කළ නිලධාරීන් එක්දහස් පන්සියයකගේ පමණ ඇඟිලි සලකුණු සටහන් හා අතිශය රහස්‍ය ලියකියවිලි ඇතුළු තොරතුරු රැසක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මේ සියල්ල ඉදිරියේදී ස්විස් කොටි ජාලය අතට පත්කිරීමේ සහ ශී‍්‍ර ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමේ අදහසින් රැගෙන යන්නට ඇතැයි ආරක්‍ෂක අංශ විශ්වාස කරයි.

බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව පසුගිය කාලයේ සීඅයිඞීය සිදු කළ විමර්ශනවලදී ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත සිල්වා භාරයේ අදාළ සියලූ තොරතුරු පරිගණකගතව තිබී ඇත. අතිශය රහස්‍ය සංවේදී ලියකියවිලි තිබී ඇත්තේද ඔහු භාරයේය. මේ තොරතුරු අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ලිපිනයන්, දුරකථන අංක, අත් අකුරු සටහන් සහ පවුලේ සාමාජිකයන්ගේ විස්තර ආදී වශයෙන් අනන්‍යතාව හෙළිවන බොහෝ කරුණු තිබී ඇත.

බුද්ධි නිලධාරීන් ප‍්‍රශ්න කිරීම සඳහා දිගින් දිගටම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අවස්ථාවලදී එසේ අත් අකුරු සටහන් අතුළු අනන්‍යතාව තහවුරු වන සියලූ තොරතුරු ලබා ගැනීමට ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස නිශාන්ත සිල්වා කටයුතු කර තිබේ.

ඉකුත් මානුෂීය මෙහෙයුම සමයේ හමුදා ඔත්තුකරුවන් ලෙස කටයුතු කළ විශාල පිරිසකගේ තොරතුරු ද මේ අන්දමට නිශාන්ත සිල්වා භාරයේ තිබී ඇති අතර මෙම තොරතුරු කොටි ඩයස්පෝරාව අතට පත්වීම මෙරට බුද්ධි අංශවලට එල්ල වන මරු පහරක් බව උසස් ආරක්‍ෂක අංශ නිලධාරියෙක් පැවසීය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More