දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරූ ජයසූරිය මහතා විසින් පිළිගෙන තිබේ.

කථානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.

කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් එලෙස සිදු කර ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මේ වන විට සාකච්ඡාවක් පැවැත් වු බව වාර්තා වෙයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට පමණ එම සාකච්ඡාව ආරම්භ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් අනතුරුව පක්ෂය තුළ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවනු ඇති බව සදහන්ය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පමණක් මෙම අවස්ථාවට සහභාගී වී සිටින බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More