දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාලය තුළ හා භූමිය තුළ නොවැම්බර් 26 හෝ 27 දිනයන්හි කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය උපකුලපති කේ.කන්දසාමි මහතා විසින් නිවේදනයක් මගින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට දැනුම් දී ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන්ට මෙන්ම මහාශිෂ්‍ය සංගමයට මෙම නිවේදනය දැනුම් දී ඇති අතර අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ නොවැම්බර් 26, 27 දිනයන්හි මෙන්ම ඊට පසු දිනදීද යාපනය විශ්ව විද්‍යාලය තුළ කිසිදු යුද සැමරුමක් හෝ මහවිරු සැමරුමක් සිදු නොකිරීමට පියවර ගන්නා ලෙසටත් යම් හෙයකින් එවැනි සැමරිමක් සිදු කරනු ලබන සිසුන් හට විනයානුකූල පියවර ගන්නා බවටය.

මෙම නිවේදනයත් සමග යාපනය විශ්වවිද්‍යාලය තුළ මහවිරු සැමරුම සිදු කිරිමට සූදානමින් සිටි සිසුන්ගේ සංවිධාන කටයුතු අඩාල වි ඇත.

කෙසේ වෙතත් යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ මහවිරු සැමරිමට අවසරයක් නොලැබීම හේතුවෙන් සරසවි සිසුන් යාපනය සරසවිය ඉදිරිපිට මහවිරු සැමරුම් සිදු කිරීමට සංවිධානය කොට ඇති බවට වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More