දේශීය පුවත්

ඉදිරියේ දී පවත්වන්නට නියමිත මහ මැතිවරණයේ දී රටට බලපාන වැදගත් කරුණු හතරක් ගැන ජනමත විචාරණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා රජයට යෝජනා කරයි.

ව්‍යවස්ථාවේ 86 වැනි වගන්තිය අනුව මහ මැතිවණයක දී ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ දී ම මෙරට ඡන්දදායකයන් ගේ ජනමතය වෙනම විමසිය හැකි අතර එයට සුදුසු ප්‍රශ්න තමන් යෝජනා කරන කරුණු හතර අතරින් ප්‍රමුඛතාව අනුව තෝරා ගත හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

1. පූර්ණ බලැති විධායක ක්‍රමයක් ද නොඑසේනම් පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයක්ද?

2. පළාත් සභා ක්‍රමය අවලංගු කර ඒ වෙුනවට පළාත් පාලන ආයතන වලට වැඩි බලතල පැවැරීම සුදුසුද?

3. පාර්ලිමේන්තු මැතිවරණයේ දී මනාප ක්‍රමය අහෝසි කර කලින් පැවැති ආසන මට්ටමේ ඡන්ද ක්‍රමය සුදුසුද?

4. ආගමික, ජාතික හා ප්‍රාදේශීය ඛෙදීම් ජාතික මටට්මින් සලකා බැලීම අරමුණු කරගෙන සෙනෙට් මණ්ඩලයක් පත් කිරීම සුදුසුද?

වෙනම ජනමත විචාරණයක් පැවැත්වීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් වැය නමුත් මෙම අදහස මුදල් වියදම් නොවන කාර්යක්ෂම ක්‍රමවේදයක් වන අතර මෙම ප්‍රශ්න වලින් එකක් හෝ සියළුම කරුණු ගැන ජනමතය විමසිය හැකි බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More