ගිවිසුම් ගත වූ ආකාරයට අනුව කැබිනට් ඇමැතිධුර සහ රාජ්‍ය ඇමැතිධුර නොලැබීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ ගිවිසුමට අනුව කැබැනට් ඇමැති ධුර හතරක් ලබාදීමට නියමිතව තිබූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණක් ඇමැතිධුරවල දිවුරුම් දෙන ලදී.
රාජ්‍ය ඇමැතිවරුන් අද (27 වැනිදා) දිවුරුම් දීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය ඇමැතිධුර 5ක් හිමිවන බව වාර්තා විය. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදීද සාකච්ඡා කර තිබේ.
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...