දේශීය පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු ඊයේ (25දා) සිය තනතුරේ වැඩ භාරගත්තේය.

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ දශක 04ක පරිචයක් සහිත සමරනායක මහතා ජනමාධ්‍ය වෘත්තියට පිවිසියේ දවස පුවත්පතේ උපකර්තෘවරයකු ලෙසිනි.

ඉන්පසු ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ ඔහු පසුව වසර 05ක කාලයක් ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය හෙබවීය.

අනතුරුව සමරනායක මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ ප‍්‍රවෘත්ති කේන්ද්‍රයේ ප‍්‍රධානියා ලෙස දිගුකලක් සේවය කළ අතර ඉන් පසුව ඔහු ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයට පත් කරනු ලැබීය.

මොහාන් සමරනායක මහතා ජනාධිපති ප‍්‍රකාශක තනතුරෙහි ද වරක් සේවය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More