දේශීය පුවත්

කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (26දා) පැවසීය.

කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විශ්වාසභංගය යෝජනාවක් ගෙනවිත් සම්මත කර ගැනීමට තරම් බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කර නොමැති බැවින් ඉදිරි මාස 04 තුළදී එම ධුරයේ වෙනසක් සිදුනොවන බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව වාරාවසාන කළද කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යායුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.

අභිනව පාර්ලි‌මේන්තුවක ප්‍රථම රැස්වී‌මේදී ‌හෝ තනතු‌රේ පුරප්පාඩුවක් පැනනැගුණු කල්හි පාර්ලි‌මේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 04හි සඳහන් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් කථානායකවර‌යෙකු පත්කර ගනු ලැබේ.

කථානායක ධුරයට යම් මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට වෙනත් මන්ත්‍රීවරයකුට හැකියාව තිබෙන අතර, කථානායක ධුරය සඳහා එකකට වැඩි නම් සංඛ්‍යාවක් ‌යෝජනා ‌කොට ස්ථිර කරනු ලැබ ඇත්නම් ඡන්දය විමසිය යුතු බවද ස්ථාවර නි‌යෝග අංක 04 හි වැඩිදුරටත් සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More