දේශීය පුවත්

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව සජිත් ප්‍රේමදාස මහතා විසින් මගහැරි බව අප මීට පෙර වාර්තා කළේය. එම සාකච්ඡාව සඳහා සහභාගි නොවන බව හෝ සජිත් ප්‍රේමදාස මහතා දන්වා නොතිබිණි.

සාකච්ඡාව මගහැරි සජිත් ප්‍රේමදාස මහතා, එජාපයේ ප්‍රබලයෙකු අමතා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග තමාට කිසිදු සාකච්ඡාවක් නොමැති බවයි. ඔහු සෘජුවම පවසා තිබෙන්නේ, ‘මට එයාව හම්බවෙන්න ඕනෙත් නෑ, පක්ෂෙ තනතුරු ඕනෙත් නෑ’ යනුවෙනි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව පක්ෂයේ ඔහු දැරූ නියෝජ්‍ය නායක තනතුරෙන් ද ඉවත් විය. ඉන් පසු ඔහු මෙතෙක් පක්ෂයේ කිසිදු කටයුත්තකට සහභාගි නොවූ අතර දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

කෙසේ වෙතත් සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සටන් කළ එජාප තෙවැනි පෙළ නායකයන් පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හිමිවිය යුතු බවයි. එතෙක් ඔහු පක්ෂයේ කිසිදු කටයුත්තකට සහභාගි නොවන බව ද ඔවුන් අවධාරණය කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More