ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වරදකරුවෙකු වී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මෙහොමඩ් හෂීම් මෙහොමඩ් රූමී මහතා අද(26) රාත්‍රීයේ රටින් පලායාමට සූදානම් වන බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි.
විදෙස්ගතවීම වළක්වා ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් එම සංවිධානය සහ තවත් පාර්ශ්ව රැසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මොහොමඩ් හෂීම් මොහොමඩ් රූමී මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කළ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේය.
සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු, නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පවසා සිටියේ, මෙහොමඩ් රූමී මේ වන විට පිටත් වීමට සුදානමින් සිටින බවයි.
එනිසා ඉතා ඉක්මනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සිටින බවත් පැවසු ඒ මහතා, ඖෂධ මාෆියාවේ ගෝඩ් ෆාදර් යනුවෙන් ඔහුව හැඳින්විය හැකි බවත් පැවසීය.
මෙම පුද්ගලයා යම් හේතුවක් මත රට අතහැර ගියහොත් එයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතු බවත් ඒ මහතා කියා සිටියේය.
මේ අතර ඔහුට විරුද්ධව පැමිණිලි කළ තවත් පාර්ශ්වයක් වූයේ සිංහලේ අපි ජාතික සංවිධානයයි.
සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජම්බුරේවෙල චන්දරතන හිමියන් පවසා සිටියේ, පසුගිය ආණ්ඩුව දින 51 කට වෙනස් වෙන විටත් මෙම පුද්ගලයා විදෙස් ගත වීමට උත්සහ දැරූ බවයි.
නමුත් රාජිත සේනාරත්න මහතා නිසා ඔහු රටින් පිට නොවු බවත් පැවසු උන්වහන්සේ, අද රාත්‍රීයේ රටින් පිටවීමට සුදානමින් සිටින බවත් බාල තත්ත්වයනේ යුතු පිලිකා ඖෂධ තොගයක් ගෙන්වා බෙදා හැරීමට ඔහුට චෝදනා ඇතැයි ද පැවසීය.
මෙම පුද්ගලයාට පත්වීම ලබා දෙන විට රාජිත සේනාරත්න මහතා විසින් මොහු තම දේශපාලන කටයුතුවලට බොහෝ උදව් කළ අයෙක් බව පවසන බවත් කියා සිටි උන්වහන්සේ, රාජිත මහතාගේ මැතිවරණයට සල්ලි වියදම් කරන පුද්ගයින් අතර මොහු එක් අයෙක් බවත් කියාසිටියේය.
එනිසා රාජිත සේනාරත්න මහතාව ද අත්අඩංගුවට ගත යුතු බවත් උන්වහන්සේ පැවසීය.
මේ අතර බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කළේ අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් රටින් පැන යාම වැළැක්වීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලෙස යි.
බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුණුගල්ලේ සිරි ජිනාන්ද හිමි පවසා සිටියේ, සැකකටයුතු දේශපාලඥයින් හා පිරිස් රටින් පිටවීම ගැන ආරක්ෂක අමාත්‍යාංශය හා පොලීසිය එ්කාබද්ධව විශේෂ ඒකකයක් පිහිටුවිය යුතු බවයි.
මේ අතර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා පිලිබඳව සහ පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ දූෂණ අක්‍රමිකතා පිළිබඳ අනාවරණ කිහිපයක්ද අද ස්ථාන කිහිපයකදී මෙලෙස සිදුකෙරුණා.
මහලේකම් සිංහල රාවය සංවිධානයේ පුජ්‍ය මාගල් කන්දේ සුදත්ත හිමි පවසා සිටියේ, රිෂාඩ් බදියුදීන් මහතා පුත්තලමේදී සිවිල් වැසියන්ට පහර දී කලබලයක් ඇති කිරීමට යෑම සී.සි.ටීවි දර්ශනවල ඇතුළත්ව තිබු බවයි.
නැතිනම් ගෝඨාභය මහතා ජනපති වු පසුව මුස්ලිම් ජනතාවට පහර දෙනවා යන මතය සමාජය තුළ ඇති කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටි බවත් උන්වහන්සේ පැවසීය.
මේ අතර තවත් භික්ෂුන් වහන්සේලා කීපදෙනෙක් රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පැවැත් විය යුතු පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...