දේශීය පුවත්

නව රජයේ කැබිනට් මණ්ඩලය පසුගිය සිකුරාදා දිවුරුම් දුන් අතර එය සාමාජිකයන් 15 කට සීමා විය. කැබිනෙට්ටුව දිවුරුම් දීමෙන් අනතුරුව බරපතලම ගැටලුව වූයේ මහනුවර දිස්ත්‍රික්කයට කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවීමයි.

ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වූ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා කැබිනට් ඇමති ධුරයක් වෙන්කර තිබූ නමුත් දිස්ත්‍රික්කයේම මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ එය අහිමි වූ බවයි.

මේ අතර රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙට දිනයේදී රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම සිදු කෙරෙනු ඇති බවයි. එහිදී රාජ්‍ය ඇමති ධුර හතරක්ම මහනුවර දිස්ත්‍රික්කය සඳහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළුත්ගමගේ, ලොහාන් රත්වත්තේ සහ දිළුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් සිව් දෙනා අදාල රාජ්‍ය ඇමති ධුර සඳහා තෝරාගෙන තිබේ. ඒ අනුව ඔවුන් සිව් දෙනාට ප්‍රබල රාජ්‍ය ඇමති ධුර හතරක් හිමිවීමට නියමිතය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More