යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අද (26) සවස විශේෂ කේක් ගෙඩියක් කපමින් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 65 වෙනි උපන් දිනය සමරා තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කේක් කැපීමට පෙර ප්‍රභාකරන්ගේ ඡායාරූපය ඉදිරියේ විනාඩි දෙකක කාලයක් නිෂ්ශබ්දතාවය ආරක්ෂා කොට පසුව කේක් ගෙඩියක් කපා උපන් දිනය සමරා තිබේ.
එල්.ටී.ටී.ඊ.සංවිධානය තහනම් සංවිධානයක් බව රජය සහ ආරක්ෂක අංශ ප්‍රකාශ කොට ඇති අතර එල්.ටී.ටී.ඊ.නායකයාගේ ඡායාරූප ප්‍රදර්ශනයද තහනම් බව මීට පෙර පවසා තිබුණි. නමුත් ඒ සියළුම තහනම් නියෝග කඩ කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා තිබේ.
(දිනසේන රතුගමගේ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...