ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සන්දේස කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවමක් කොළඹ මහාධිකරණය විසින් පනවා තිබේ.

ඒ අනුව එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද දෙකක් සඳහා වසර 3ක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් ඒ අනුව නියම කර ඇත.

ඒ අනුව අනුෂ පැල්පිට මහතා පළමු හා දෙවන වරද සඳහාත් ලලිත් වීරතුංග මහතාට දෙවන හා තෙවන වරද යටතේත් මෙම සිර දඩුවම නියම කර තිබේ.

එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් වරදකරුවන් දෙදෙනාට ලක්ෂ 100 ක වන්දි මුදලක් ගෙවීමට නියම කළ අතර එය සැප්තැම්බර් මස 20ට පෙර ගෙවන ලෙස මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළව මෙම නඩු තීන්දුව මහාධිකරණය විසින් ලබා දී තිබේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More