මුහුණු පොතෙන්

ගොඩක් අය එක එක තර්ක ගෙනේවී. එත් කරන්න දෙයක් නෑ මේක කියන්නම වෙනවා සෑම විටම සතුන් හා පරීසරය වෙනුවෙන් පෙනී හිටීන බෞද්ධයෙක් ලෙස. කුරුල්ලො නිදහස් කිරීම යනු ඒ පිටීපස සැඟවුනු කූර ජාවාරමකට උඩ ගෙඩී දීමක්. වී කුරුල්ලෝ, ගිරවු මෙහෙම කූඩුවල දාලා පාරවල්වල විකුණන්න ඉන්නවා බොහෝ අය දකීනවා ඇතී. ඒ සතුන් ආසාවෙන් ඒ කුඩු ඇතුලට ඇවිත් නෑ. කවුරුත් ගෙවල්වල ඇති දැඩි කරලාත් නෙමෙයී. නිදහසේ කෑම හොයාගෙන යද්දී රංචු වශයෙන් ඉද්දි තමයී අල්ල ගන්නේ. මෙහෙම අල්ලගෙන කිටි කිටියේ හිර වෙන්න කුඩුවල දාලා දවස් ගණන් බඩ ගින්නේ ඉන්න වෙනවා කවුරු හරී අපල දුරු කරගන්න හිතනකම්. මේ වෙළඳාමේදී ගිරවු නම් සෑහෙන්න මැරේනවා. ඒක කියන්නේම ඔය වෙළඳාම කරන සමහරු. මොකද කිටී කිටියේ කුඩුවල හිර කරන නිසා.

වෙලක කකා හිටපු කුරුල්ලන් අල්ලලා කුඩුවක හිර කරලා කාගේ හරී අපලේකට නිදහස් කිරීමේ ආනීශංශ මට නම් තේරෙන්නේ නෑ. ඕකත් හරියට කැලේ නිදහසේ ඉන්න ඇත් රාජයෙක් මරලා ඌගේ දළ දෙක සෞභාග්‍යය ගෙනෙවී යැයි කියලා ගෙදර ගෙනත් තියාගන්නවා වගේම වැඩක්. ඔය නිදහස් කරන කුරුල්ලෝ නැවත නැවත ඔය උගුලේමත් අහුවෙනවා. ජනාධිපතිතුමාට හා ආර්‍යාවට වුනත් බොහෝ පින් රැස් වෙන්නේ හා ආශිර්වාද ලැබෙන්නේ ලංකාවේ හඳහන් හා අපල පස්සේ යන පිරීස වගේ ඒ වැඩේම කරලා නම් නෙමෙයී මේ හොර ජාවාරම තහනම් කරලා.

අද උපන් දීනේ දවසේ ඔවුන් ඒක කරා නම් ඇත්තටම ඒ අපි පතපු ජනාධිපතිමයී. මේක කියවන අය ඒක පිළිගත්තත් එකයී නැතත් එකයී. ජනාධිපති ආර්‍යාවත් සතුන්ට බොහෝ ආදරය කරන්නියක නිසාම ඉදීරීයේදී මෙවැනී දේවල් සම්පුර්ණයෙන් සමාජයෙන් ඉවත් කිරීමට නීතීයෙන් තහනම් කිරීමට පියවර ගනු ඇතැයී සිතනවා.

බොහෝ පිරිසක් කුරුල්ලන් නිදහස් කරනවා අපල යන්න. අපල යන්න ඔබ උදේ හවස බණ අසන පැය 24 ම පන්සිල් ආරක්ෂා කරන්නෙක් වෙන්න. එතකොට නම් එකතුවෙන පින්වල බලය ඔබට ලැබේවී ඔබ පෙර කල කරුම හෙවත් අපල ගෙවෙන්න. නැතුව පව්ම කර කර හඳහන් හා දේවාල පස්සේ දුවන්නේ මිත්‍යාදෘෂ්ටික මිනිස්සු මිසක් සැබෑ බෞද්ධයන් නෙමෙයී.

වනජීවී අපරාධ දුටු තැන වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම පුරවැසී අපේ යුතුකමක්. රටේ ආරක්ෂා හැමෝගේම පොදු අරමුණ වී ඇති නිසාම මෙසේ කියමී “පරිසරය රටේ ආරක්ෂාවේ අංක එක”. එය රැක ගැනීම පුරවැසී වගකීමක්!.

කෞෂි නිශාදි පනාපිටිය..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More