ක්‍රීඩා පුවත්

බංග්ලාදේශයට එරෙහිව කණ්ඩායමක් ලබා ගත් දෙවැනි වැඩිම විස්සයි-20 ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ශ්‍රී ලංකාව ඊයේ පැවැති 2 වැනි විස්සයි-20 තරගයෙන්ද ලකුණු 75ක ජයක් ලබා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට විස්සයි – 20 තරගාවලියෙන්ද 2-0 පරාජයක් හිමි කර දුන් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට්, එක් දින සහ විස්සයි-20 යන තරගාවලි තුනෙන්ම අපරාජිතව ගෙදර ඒමට හැකියාව ලැබුණේ නව පුහුණුකරු හතුරුසිංහ යටතේ කණ්ඩායම පෙන්වූ තුන් ඉරියව් දක්‍ෂතා නිසාමය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කට ලබා ගත් 210ක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ ලකුණු 135කට දැවී යෑම නිසා ශ්‍රී ලංකාව හමුවේ ඊයේ 7 වැනි විස්සේ තරග පරාජය සටහන් කළ අතර කුසල්, ධනුෂ්ක, තිසර, තරංග සහ ශානකගේ වේගවත් පිතිහරඹයත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහාය දෙමින් දැක්වූ පන්දු රැකීමත් අනගි ජයග්‍රහණයට පාදක විය.

බංග්ලාදේශ් ඉනිමේ 2 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී අකිල ධනංජය ඉදිරියේ සාර්කාර් දැවී යෑමත් සමඟ කඩාවැටුණ ඉනිම ගොඩ ගන්නට කිසිවකුට නොහැකි වූ අතර 4 වැනි කඩුල්ල වෙනුවෙන් නායක මහමුදුල්ලා සහ තමීම් එක්කළ ලකුණු 37ත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නායකයා (41) සහ සයිෆුඩීන් තැබූ ලකුණු 42ක සබඳතාවත් හැර වෙනත් පිතිකරුවකුට සාර්ථක වන්නට ඊයේ මංගල විස්සේ වරම් ලැබූ අමිල අපෝන්සු ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More