පුරවැසි කොලම

මෙවර ජනාධිපතිවරණයට පසු බොහෝ අයට බොහෝ පාඩම් ඉගෙනීමට සිදුවිය. විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පරාජය ගැන මේ මොහොත වනවිට විවිධ කතාබහ ඇතිවී තිබේ. විශේෂයෙන් එම පක්‍ෂයේ අයම තමන්ගේ පරාජය ගැන විවිධ කතා කියති. වැඩිදෙනාගේ මතය වෙනුයේ එජාපය ඇතැම් මැති ඇමැතිවරුන් මහා සංඝරත්නයට නින්දා අපහාස වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කිරීම නිසා එජාපයේ සිංහල බෞද්ධ ඡුන්ද පදනම බිඳවැටුණු බවයි. එම කතාව සත්‍යයකි. එජාපය යළි නව ගමනක් යෑම සඳහා මහා සංඝ රත්නයේ ආශිවාර්ද බලාපොරොත්තු වන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවා පසුගියදා ප‍්‍රකාශ කිරීමෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ.

පසුගිය කාලය පුරාම එජාපයට ලංකාවේ මහා සංස්කෘතිය අවබෝධකර ගැනීමට නොහැකිවූවාද එසේ නැත්නම් ඔවුන් ඒ සංස්කෘතියට ගරු කිරීමෙන් ඡුන්ද ආකර්ෂණය කළ නොහැකිය යන බරපතළ මිත්‍යාවක ගිලී සිටියාද යන්න පැහැදිලි නැත. නමුත් බහුතර බෞද්ධයින් විසින්ම එජාපයේ ඉරණම ලියා ඔවුන් වෙත භාරදී ඇත. හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිරන්තරව ප‍්‍රකාශ කර සිටියේ ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවයි. මේ ප‍්‍රකාශයෙන් සතුටු වූයේ කවරෙක්ද? කොල්ලූපිටියේ තානාපති කාර්යාල සේවකයින්ද? නැත්නම් ලංකාව මානව හිමිකම් උගුලේ හිරකරන්නට දතකන රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ද? එහෙත් මේ ප‍්‍රකාශය ලංකාවේ බහුතර වැසියන්ගේ හිත් පාරන්නක්ම විය. එය එජාප හිතෛෂී සිංහල බෞද්ධයින්ද කලකිරවන්නක් විය. රංජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා නිරන්තරව මහා සංඝරත්නය නිග‍්‍රහයට ලක් කළේය. ඔහු කැලණි රජමහා විහාරයේ නායක හිමියන්ට පවා කිසිදු පදනමක් නැති චෝදනා ඉදිරිපත් කර තිබිණි. මෙවැනි අයගේ ක‍්‍රියාකලාපය ගැන එජාප නායකත්වය දෙවරක් සිතිය යුතුව ඇත.

සිංහල බෞද්ධයින් එජාපය ප‍්‍රතික්‍ෂේප කළවිට නව ප‍්‍රතිපත්ති, නව නායකත්වයක් හඳුන්වාදෙන බව එජාප නායකයා කියයි. එජාප වේදිකාවේ සිටි සමහරු රණවිරු ගායට නිග‍්‍රහ කළහ. රණවිරුවන් සිරගත කිරීමේ චෝදනා වලින්ද එක්සත් ජාතික පක්‍ෂයට ගැලවී යා නොහැකියි. එනිසාම එජාපයට වාසිසහගත මහනුවර, කොළඹ දිස්ත‍්‍රික්ක වලින්ද පරාජය වීමට සිදුවූයේ මන්ද? සිංහල බෞද්ධයන් එජාපය ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙනි. එජාප නායකයා නොව නියෝජ්‍ය නායකයා ජනපතිවරණ සටනට ඉදිරිපත් කළද එය බෞද්ධ ඡුන්ද ආකර්ෂණයට හේතුවක් වූයේ නැත. බෞද්ධ ඡුන්ද ආකර්ෂණය කිරීමට නම් එජාපයේ පූර්ණ ප‍්‍රතිසංවිධානයක් විය යුතුය.

2015 දී යහපාලන රජය බිහිකිරීමට හැකිවූයේ සුළු ජාතික ඡුන්ද වඩා හොඳින් ආකර්ෂණය වීම නිසාය. 2015 මෙන්ම මෙවරද සුළු ජාතික ඡුන්දවලින් පමණක් ජයග‍්‍රහණය තහවුරු කළ හැකිය යන අධිතක්සේරුවක එජාපය සිටි බව සැක නැත. නමුත් සහරාන්ගේ ප‍්‍රහාරයද එජාපයට මාරාන්තික පසුබෑමක් ඇති කළේය. ජාතික ආරක්‍ෂාව මුල්තැනට පැමිණියේය. සහරාන් නිසා මරබිය ඇති වූයේ එක් ජනකොටසකට පමණක් නොවේ. සමස්ත රටටමය. ඒ බිය දුරුකිරීමට යහපාලනයට හැකිවූයේ නැත. හිටපු ආරක්‍ෂක ලේකම් හා පොලිස්පති රිමාන්ඞ් බන්ධනාගාර ගතකර මියගිය තුන්සිය දෙනාට සාධාරණය ඉටුකළ නොහැකිය. මේ සියලූ අපරීක්‍ෂාකාරිත්වය නිසාම එජාපය සෝදාපාළුවකට ලක්විය.

සමහර එජාප මැති ඇමතීන්ගේ කතා හා වගකීම් විරහිතව ක‍්‍රියා කිරීම සැබවින්ම බෞද්ධයන්ගේ කනස්සල්ලට හේතු වූ බව නොරහසකි. එම නිසාම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එජාපය යළි ප‍්‍රතිශංස්කරණය කිරීමට තබන මූලික පියවර ලෙස මහා සංඝරත්නයේ ආශිර්වාදය පැතීම අනාගතය ගැන සිතා තබන යහපත් පියවරක් වනු ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More