දේශීය පුවත්

මවුවරුන් දහස් ගණනක් වන්ද්‍යාකරණයට ලක් කළේ යැයි කියන වෛi ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධ සිදුවීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අතුරලියේ රතන හිමියෝ ඊයේ (25 දා) ‘දිවයින’ට පැවසූහ.

එම සිදුවීම සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්‍ෂණයක් සිදුව නැති බව සඳහන් කළ උන්වහන්සේ ජනාධිපති කොමිසමක් හරහා සියලූ සත්‍ය රට හමුවේ අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පැවසූහ.

ෂාෆි වෛiවරයා සම්බන්ධ පරීක්‍ෂණවලදී ඉතාමත් අගතිගාමී ලෙස ක‍්‍රියාකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා රටින් පැන ගොස් ඇති බවත් එහි සහකාර පොලිස් අධිකාරී තිසේරා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන මහත්වරුන් ද රටින් පලා යෑමට පෙර ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවත් රතන හිමියෝ කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීම වැළැක්වීමට පැවැති රජයේ ඉහළ දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් කටයුතු කළ බව පැවසූ රතන හිමියෝ මෙහි සත්‍ය අනාවරණය කර ගැනීමෙන් කාලයේ වැලිතලාවෙන් වැසී ගිය බොහෝ සිදුවීම්වල සත්‍ය අනාවරණය වනු ඇති බව සඳහන් කළහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළේ වෛi ෂාෆි ෂිහාබ්දීන් නිදහස් කර මේ මහා අපරාධය රටට හෙළි කළ මාධ්‍යවේදීන් සහ සත්‍ය හෙළි කිරීමට ඉදිරිපත් වූ ෙවෙද්‍යවරුන්, නීතිඥයන් සහ භික්ෂුන් වහන්සේ සිරගත කිරීමට උත්සාහ කිරීම බව ද රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More