සද්භාවයෙන් ක්‍රියාකරන සියලුම රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාවට ලඟදීම පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
අසත්‍ය චෝදනා ගොනු කරමින් පසුගිය රජය කාලයේ දී රජයේ නිලධාරීන් රැසක් FCID ආයතනයට රැගෙන ගිය බවත් මේ හේතුවෙන් රාජ්‍ය සේවය ද සැලකිය යුතු මට්ටමකට අකර්මණ්‍ය වූ බවත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.
එමනිසා සද්භාවයෙන් ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරගත යුතු බවත් ඔවුන් වෙනුවෙන් මෙම පනත ගෙන එන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගත් අවස්ථාවට සහභාගී වෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...