දේශීය පුවත්

විශාල බලාපොරොත්තු තියාගෙන පත්කළ මෙම රජයද එම බලාපොරොත්තු කඩ කරන්නේ නම් ඔවුන්ට විරුද්ධවද කටයුතු කිරීමට මැලිවන්නේ නැතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ (23 දා) පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ( ඕ.පී.ඒ.) ආරම්භක සභාපති අභාවප‍්‍රාප්ත ආචාර්ය නාත් අමරකෝන් මහතාගේ 2 වන ගුණානුස්මරණය වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේද පැවසූහ.

පින්දහම් කරන්න වුණත් ආර්ථිකය ශක්තිමත්ව තියෙන්න ඕනෑ. ලංකාවේ අඩුම ආදායම ලබන පිරිස බෞද්ධයෝ. මේක කියන කොට සමහරුන්ට කේන්ති යයි. නමුත් ඇත්ත කියන්න ඕන.

එදා මේ රටේ මැලිබන්, නවලෝක, ඇල්බට් එදිරිසිංහ වැනි දේශීය ව්‍යාපාරික ප‍්‍රජාවක් බිහිවී සිටියා. අද එවැනි අය බිහිවෙලා තියෙනවාද? මේ තත්ත්වයට රට පාලනය කළ වැඩි පිරිසක් වගකියන්න ඕනෑ. පැවැති ආණ්ඩුව පරාජය කරන්න අපි පෙරමුණ ගත්තා. ඒක අපි නොබියව කියන්න ඕනෑ.

පැවැති ආණ්ඩුවේ ඇතැමුන් පහත් විදියට භික්‍ෂු පරපුර විවේචනය කළා. භික්‍ෂු හමුදාව 20,000ක් ඉන්නවා. හිතුවේ අපි කොන්ද පණනැති ජාතියක් කියලා. අපිට අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙනවා. මේ රජය පත්කළෙත් විශාල බලාපොරොත්තු තියාගෙන. ඒවා වෙන්නෙ නැත්නම් අපි විරුද්ධ වෙනවා. මේ රට රැුක්කේ දේශපාලකයෝ නොවෙයි. ගිිහි හා පැවිදි පක්‍ෂයයි.

මට දේශපාලනයක් නැහැ. එක ඇමැතියෙක් කිව්වා මේ රට් බුද්ධ, ධම්ම විතරයි ඉන්නේ කියලා. එයාට සංඝ අමතක වෙලා. මගේ රට, ජාතිය, ආගමට එරෙහිවන ඕනෑම අයෙකුට එරෙහිව නිවට ජාතියක් ලෙස මට ඉන්න බැහැ. මේ රටේ හමුදාවේ 3,800 ක් මියගියේ 18,000 ක් ආබාධිත වුණේ ඇයි කියලා මේ ඇමැතියා දන්නෙ නැද්ද දන්නේ නැහැ.

මේ වන විට බම්බලපිටියේ අක්කර 600 ක් අරන් බැලූවම අපිට අයිතිව තියෙන්නේ අක්කර 21 යි. මේ රට චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට, ජපානයට යටවෙලා. ඇමරිකාවට අක්කර ලක්‍ෂ ගාණක් දෙන්න ගිහින් දැන් නැවතිලා තියෙනවා. අපි හි`ගන ජාතියක් වෙලා කම්කරුවා වෙලා ඉන්නේ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමයි ජාතිය, ආගම රකිනවා කියලා අනුරාධපුරයට ගිහින් කිව්වේ. නිදහසින් පසු එහෙම කිව්ව එකම නායකයා ඔහු කියලයි මම දකින්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More