දේශීය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව නැවත විමසා බලන බව විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පැවැසීය.

එමෙන්ම පසුගිය කාලයේදී මතභේදයට තුඩු දුන් සෑම ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය යනාදි විදෙස් ගිවිසුම් සියල්ල නැවත විමසා බලන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුණවර්ධන මහතා එම කරුණු සඳහන් කළේය.

ඉකුත් සමයේදී මතභේදයට තුඩුදුන් සියලු ගිවිසුම් නැවත විමසා බලන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය හරහා එම කටයුතු කරන බවත් ගුණවර්ධන මහතා කීවේය. විවිධ අංශ ආවරණය වන අයුරින් ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඒ සියල්ල සම්පූර්ණයෙන් නැවත විමසා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණ ගන්නා බවත් හෙතෙම කීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස ඊට අදාළ සියලු සහයෝගය දෙන බවත් එහිදි අදාළ ගිවිසුම්වල හොඳ නරක, මහජන මතය, රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සිටි නිලධාරීන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ අදහස් ද විමසා බලා අදාළ පහසුකම් සපයන බවත් ගුණවර්ධනය මහතා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More