දේශීය පුවත්

නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇති බව වාර්තා වේ.

රාජ්‍ය ඇමැතිවරුන් 20දෙනෙකු පමණ පත්කෙරෙනු ඇති බවත්, එහෙත් ඔවුන් මෙතෙක් තෝරාගෙන අවසන් නොමැති බවත් වාර්තා වේ. එයට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීමට නියමිතව තිබූ පරිදි ඇමතිධූර සංඛ්‍යාව ලබා නොදීම නිසා ඇතිවූ අර්බුදයක් බව පැවසේ.

ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, සනත් නිශාන්ත, කනක හේරත්, රොෂාන් රණසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ද රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද රාජ්‍ය ඇමැති ධුර කිහිපයක් හිමිවීමට ඉඩ ඇති බව මිට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.

රාජ්‍ය ඇමැතිවරුන් අද (25) දිනයේ දිවුරුම් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සිකුරාදා පැවැති කැබිනට් ඇමැතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More