දේශීය පුවත්

ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව, මෙතෙක් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 1400 ක් එම සේවාවලින් ඉවත් කිරීමටයි තීරණය කර ඇත.

ඒ අතරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකු සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 07 දෙනෙකු ද අයත්වේ.

මීට අමතරව ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 850 දෙනෙකු ද එම සේවාවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.

කෙසේවෙතත්, එහි සිටි 300 දෙනෙකු තවදුරටත් ජනාධිපති ආරක්ෂක අංශය තුළ රඳවා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව, සමස්තයක් ලෙස ගත් කළ මෙතෙක් ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 2,250 දෙනෙකු එම සේවාවලින් ඉවත් කෙරෙනු ඇත.

මෙම සියලූදෙනා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත අනියුක්ත කිරීමට නියමිතය. මෙමගින් එම පොලිස් ස්ථානවල ඇති පුරප්පාඩු ඇතුළු ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, මින් පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු කරන්නේ යුද හමුදා කමාන්ඩෝ නිලධාරීන් සහ රඳවා ගනු ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 300 දෙනා පමණි.

කිසියම් ස්ථානයකට ජනාධිපතිවරයා පැමිණීමට පෙර අදාළ ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම ද මින්පසු පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරෙනු ඇත. මීට අමතරව විවිධ ප‍්‍රදේශවල ඇති ජනාධිපති මන්දිරවල දැනට සේවය කරන පොලිස් නිලධාරීන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට අපේක්ෂිතය.

මේ අතර, ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. ජී. ජයතිලක ද විශ‍්‍රාම යැවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු පොලිස් සේවයෙන් විශ‍්‍රාමයාමට නියමිතව සිටියේ 2017 වසරේදීය. මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවන ඔහු පෙරේදා දිනය තෙක් සේවා දිගු ලබාගනිමින් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කර අත.

මීට අමතරව, ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසම නිර්දේශ කළ සහකාර පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ ද එම තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More