දේශීය පුවත්

ඉදිරියේදී රට ගොඩනැගීමේදී ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහසංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ලබා දෙන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ මේ අදහස් පළ කළේය.

පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන වෙත ඊයේ(24) පස්වරුවේ පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු මහසංඝරත්නය බැහැ දුටුවේය.

එහිදී මහසංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිත් දේශනා කර ආශිර්වාද කළේය.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ජනපතිවරයාට පවසා සිටියේ වැඩ කළ හැකි, රටට ආදරය කළ හැකි උගතුන් පිරිසක් කෙසේ හෝ පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවය.

එය ජනාධිපතිවරයාගේ වගකීමක් බවත් පැවසු උන්වහන්සේ, එක් දිස්ත්‍රික්කයකින් එක් පුද්ගලයෙකු හෝ පාර්ලිමේන්තුවට හොර බොරු වංචාවකින් තොරව ඉදිරිපත් කළ හැකි නම් ඒ වෙනුවෙන් මහා සංඝ රතනය පෙනී සිටින බවත් පැවසීය.

මේ අතර, විහාරස්ථානයේදී ජනාධිපතිවරයාට ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More