දේශීය පුවත්

යුද්ධය කළ රණවිරුවන්, හමුදා බුද්ධි නිලධාරීන් හා නාවික හමුදාපතිවරුන් තමුනට ඕනෑ පරිදි අත්අඩංගුවට ගෙන හිරේ දැමීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කටයුතු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඊයේ (24 දා) පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා පිළිසඳරේ යෙදුණු අවස්ථාවේය.

මෙම රණවිරුවන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් තමාගේ නම ප‍්‍රකාශ කරවා ගැනීමට ඔහු උත්සාහ කළ බවත් මෙලෙස රණවිරුවන් අත්අඩංගුවට ගත්විට මානව හිමිකම් ගැන කතා නොකළ රාජ්‍ය නොවන සංවිධාන ශානි අබේසේකර සම්බන්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා විට මානව හිමිකම් ගැන කතා කරන බවත් ජනාධිපතිවරයා කීවේය.

මෙය නීතියේ ආධිපත්‍ය නොවන බවත් ජනතාව තමාට රට බාර දුන්නේ එන්.ජී. ඕ.වලට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට නොවේ යැයිද එනිසා ජනතාව ලබාදුන් වරමට අනුව කටයුතු කිරීමට තමා කිසි විටෙකත් පැකිලෙන්නේ නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ඉන් ඇති කළ කොමිෂන් සභාවලින් ඵලක් නැති බවත් ඒවා නිසා රට පාලනය කළ නොහැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ද පැවසුවේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහ ඉන් ඇති කළ කොමිෂන් සභා මගින් රට පාලනය කිරීමට බාධා ඇති වනවා පමණක් නොව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද බලයක් නැති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More