දේශීය පුවත්

කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී පක්‍ෂ නායකත්ව භාරගන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබෙන අතර, දැනට පක්‍ෂයේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පක්‍ෂ නායකත්වය භාරගැනීමට නොහැකි බවද ජයසූරිය මහතා පවසා ඇතැයි එම ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතරේ හටගෙන තිබෙන ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ තමන්ට නායක ධුරය ලබාගෙන කටයුතු කිරීමට නොහැකි බවත්, මහ මැතිවරණයක් අබියසදී පාක්‍ෂිකයන් දෙපසට වී චෝදනා කර ගන්නා පරිසයක් තුළ පක්‍ෂය ජයග්‍රාහී මට්ටමට ගෙන යා නොහැකි බවත් ඒ මහතා පවසා තිබේ.

තමා නායක ධුරය ලබාගත්තද එම කටයුතු කඩාකප්පල් කිරීමට පිරිසක් බලා සිටින බවත්, පක්‍ෂයේ නායකයන් එක්ව සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා ලෙසත් කථානායකවරයා පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරුන් මේ වනවිට කටයුතු කරන ආකාරය අනුව එක්සත් ජාතික පක්‍ෂයට විශාල හානියක් සිදුව තිබෙන බවද කරූ ජයසූරිය මහතා සඳහන් කර තිබේ.

මේ අතර ඉදිරි මාස 04ක කාලය තුළ කරූ ජයසූරිය මහතා තවදුරටත් කථානායක ධුරයේ කටයුතු කරනු ඇති බවද ඔහුට සමීප ආරංචිමාර්ග පවසා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී තවදුරටත් කථානායක ධුරයේ වගකීම් දරන ලෙස කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව ඉදිරි මාස කිහිපයේ කථානායක ධුරයේ වෙනසක් සිදුනොවනු ඇති බවද කරූ ජයසූරිය මහතාට හිතවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් ඇතැම් මන්ත්‍රීවරුන් කථානායක ධුරයට වාසුදේව නානායක්කාර මහතාගේ නම යෝජනා කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More