දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) දින දහවල් සිය දරු පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වෙයි.

ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා බුද්ධි අංශ නිලධාරීන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්ට එරෙහිව දේශපාලන බලපෑම් මත පරීක්ෂණ පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරු තිදෙනා ද සමඟ අද දහවල් 12.50 ට ස්විට්සර්ලන්තයේ,
සුරීච් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත්තේ ස්විස් අන්තර්ජාතික ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.කේ.- 0065 දරන ගුවන් යානයෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More