දේශීය පුවත්

බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බවට පළ වන කතාව සත්‍යයෙන් තොර බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

මහ මැතිවරණය තෙක් බොදුබල සේනා සංවිධානය සක්‍රීයව කටයුතු කරන බවත් මහ මැතිවරණයේදී බලතුලනය කෙසේද වන්නේ කියා විමසීමේන් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

ජාතියට ගරහපු බොරු බෞද්ධකම පෙන්නපු අන්තවාදීන් සමග කටයුතු කළ නියමින් අනියමින් උදව්කර සිංහල බෞද්ධ ජනතාවගේ ආත්ම ගෞරවය විනාශ කළ ජනතාවගේ දේපළ කොල්ල කෑ සහ සමාජ විරෝධී වැඩ කර දේශපාලඥයන් මහ මැතිවරණයේදී හැසිරෙන්නේ කෙසේදැයි දැඩි අවධානයෙන් පසුවන බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති.

මේ හොර තක්කඩි ටිකම පාර්ලිමේන්තුව නැවත ගන්නේ නම් බොදු බල සේනා සංවිධානය විසුරුවීමට කිසිසේත්ම පුළුවන් කමක් නොමැති බවද පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කරති.

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි මේ බව පවසා ඇත්තේ සති අන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More